Saturday, January 11, 2014

[91rajans] 2014 ජනවාරි කණ්ඩායම් රැස්වීම.(group Meeting 11 Jan 2014)

2014 වසරේ පළමු කණ්ඩායම් රැස්වීම 2014 ජනවාරි 11 සෙනසුරාදා සවස 2 ට ආදි ශිෂ්‍ය මූලස්ථානයේදී පැවැත්වුණා. 
ඉදිරි වසරේ අපේ කණ්ඩායමේ ක්‍රියාකාරකම් සහ ව්‍යාපෘති ගැන මෙහිදී සාකච්ඡා කෙරුණා. 
ඒ අතරින් වැදගත් කරුණු කිහිපයක්:

1. සිංහල අවුරුදු උත්සවය / family get-together 2014 අප්‍රේල් 19 සෙනසුරාදා දින පැවැත්වෙනවා. 

2. මීලඟ කණ්ඩායම් රැස්වීම 2014 පෙබරවාරි 4 අඟහරුවාදා නිවාඩු දිනයේ පැවැත්වෙනවා. 

3. Rajans Rally 2014 ජූනි/ජූලි අතර කාලයක පැවත්වීමේ හැකියාව සොයාබැලෙනවා. Project proposal අනුමැතියට ඉදිරිපත් කිරීමත්, මූල්‍ය සහකරුවන් සොයාගැනීමත් ඉදිරි සති කිහිපය තුල ආරම්භ කර, අවුරුදු උත්සවය වන විට අවසන් තීරණයක් ගැනීමටයි බලාපොරොත්තුව. 

4. සමාජ සත්කාර සේවාව ලෙස සුපුරුදු වෛද්‍ය සායනය වෙනුවට අප පාසලේ දැනට ඉගෙනුම ලබන දරුවන්ට ප්‍රයෝජනවත් වැඩසටහන් සහ දුරස්ථ පාසලක දරුවන් වෙනුවෙන් වැඩසටහනක් සංවිධානය කිරීමට සූදානම් වෙනවා. 

5. වාර්ෂික මහා සභා රැස්වීම 2014 නොවැම්බර් 22 සෙනසුරාදා පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. කල් වේලා ඇතුව දින නියම කිරීම සහ විටින් විට නැවත දැනුවත් කිරීම තුලින් සාමාජික සොයුරන් වැඩිම ප්‍රමාණයක් සහභාගි කරවාගැනීම මෙහි අරමුණයි. 

අපගේ සාමාජිකත්වය රට තුල සහ රටෙන් පිටත විසිරී සිටින තත්ත්වක් තුල සාමාන්‍ය තැපෑල වෙනුවට විද්‍යුත් තැපෑල, Facebook, දුරකථන සහ කෙටි පණිවිඩ මගින් පණිවිඩ හුවමාරුව වඩා කාර්යක්ෂමව සිදු කල හැකි වේ යයි හැඟෙනවා. මේ ගැන ඔබේ අදහස් අගය කොට සලකන අතර, මෙතෙක් ඉහත මාර්ග වලින් සම්බන්ධ වී නැති සොහොයුරන් එකතු කරගැනීමට මෙය දකින ඔබගේ සහාය ඉල්ලා සිටිනවා. 

පෙබරවාරි 4 දා රැස්වීමේදී සහ අවුරුදු උත්සවයේදී නැවත හමුවෙමු. ඔබට ජය!


Source- Mohan Dias

No comments: